මළත් ඔබ මිය ගියේ නැත විරුවාණනේ - Gossip Lanka Photo Gallery - Gossip Lanka Photos | Lanka Latest Photo Gallery | Gossip Lanka
BANNER 728X90

Thursday, January 9, 2014

මළත් ඔබ මිය ගියේ නැත විරුවාණනේ

තිස් වසරක කුරිරු යුද සමයේ  ලක් දෙරන   සුරකිමින්  දේශය වෙනුවෙන් දිවිපිදු  අභීත රණවිරුවන් අනුස්මරණය කරමින්   ඒකල  ගුවන් හමුදා  කඳවුරේ ඉදිකළ  රණවිරු ස්මාරකය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම  මහතා විසින්   විවෘත කළ අතර රණවිරු ස්මාරකය වෙත ගුවන්හමුදාපතිවරයා විසින් පුෂ්පෝපහාරයක්ද දැක්වීය.මෙම ස්මාරකය වෙත පියනගන විට ප‍්‍රථමයෙන්  හමුවන පිවිසුමි ද්වාරය රුදුරු යුද්ධයේ බියකරු බව සංකේතවත් කරයි. එහි ඇතුලත පිළිබිඹු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇති වු සන්සුන් බවයි.එතැන සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අපහට රුදුරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය.
 ඉන් ඉදිරියේ ඇති උස්බිමි දෙක දෙලොවක් සංකේතවත් කරයි. ඒ අප ජීවත් වන ලෝකය හා මරණීන් මතු ලෝකයයි. එම දෙවැනි උස්බිම මිහිදන් වු ඹවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි.  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු දිනය සැමරිමද ගුවන් හමුදාධිපතිවරයාගේ  ප‍්‍රධානත්වයෙන්  එහිදී සිදු කළේය.මිය ගිය රණවිරු පවුල් වල සමාජිකයෝද  දෙනෙත් කඳුලින් පුරවාගෙන මිය ගිය තම සහෘදයන් වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මිය ගිය තම පුතු වෙනුවෙන් සමරු සටහන් තබන මව් වරුන්ද,  අහිමි වු තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සමරු සටහන් තබන බිරින්දෑවරුන්ද,  මිය ගිය තම පියානන් වෙනුවෙන් සමරු සටහන් තබන දරුවෝද මේ අතර  වූහ.ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ  සංකල්පයකට අනුව මෙම රණවිරු ස්මාරකය ඉදි කර ඇත.මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් පි රණසිංහ ඇතුළු නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජික, සාමාජිකාවෝ විශාල පිරිසක්  සහභාගි වූහ.