බොදුබල සේනා සංවිධානයේ තරුණ බලකාය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය ඉදිරිපිට අගෝස්තු 14(2014) විරෝධතා ව්‍යාපාරයක නිරතවුණා. ඒ, දුම්කොළ සමාගම් විසින් එම මධ්‍යස්ථානයේ සංවිධානය කර ඇති දුම්වැටි ප්‍රවර්ධන වැඩසටහනකට විරෝධය පළ කරමින්.මේ අතර ජාතික සංඝ සම්මේලනයද දුම්කොළ සමාගම් විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පවත්වන දුම්කොළ ප්‍රවර්ධන වැඩසටහනට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. එහි මහ ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 15 වෙනිදා විරෝධතාවයක් පැවැත්විණි.